Sunday, March 20, 2011

විනෝජ් ධර්මරත්න

 851151788 v
H.M. විනෝජ් ධර්මරත්න
                               
සර්,  මුලින්ම කියන්න ඕන මම ගොඩාක් ආසාවෙන් උන්නෙ සර් ගැන    Feed back එකක් දෙන්න. ඒත් උපුල් අයියට වගේම මටත් කදුළු එයි කියල හිතුනු නිසයි ආවෙ නැත්තෙ.ඇත්තට සර් අපට උගන්නපු Session ජීවිත ලොකු වෙනසකට පත් කලා. සර් මහන්සි වෙලා ගොඩාක් අමාරුවෙන් ඉගනගත්ත , හොයාගත්ත දේවල් අපේ ජීවිත සාර්ථක කරගන්න අපට කියාදෙන විදිය දැකල සමහර වෙලාවට මාර විදියට පුදුම හිතෙනවා. PCJT Program   එකෙන් අපි ජාවා වලට මුල් අකුරු කියවනව වගෙම අපේ ජීවිත ගමන් කරන්න ඕන මාර්ගය කොහොමද තෝරගන්නෙ ,ඒ මාර්ගෙ අසාර්ථක නොවී ගමන් කරන්නෙ කොහොමද කියල  කියා දෙන දේවල් කවමදාවත් කිසිකෙනෙකුට මේ විදියට ඉගනගන්න ලැබෙයි කියලා මo හිතන්නෙ නෑ. Java කියල මo අහල තිබුණා .ඒ වගේම Software  Engineering  ගැනත් අහල තිබුණත් ඒක හරිම අමාරු දෙයක් කියල තමයි මන් මේකට එන්න කලින් හිතාගෙන උන්නේ.ඒත් සර් ඔබතුමාට පින් සිද්ධ වෙන්න මේ ඉගන ගත් මාස ගනනවට තවම නම් අමාරුවක් දැනුණෙ  නෑ. MSc  එකෙ උගන්වන Theory  අපිට ඉගැන්නුව කිව්වට සර්ගෙ Talent  එක කොයිතරම්ද කියනව නම් ඒ පාඩම් O/L වල අමාරුවෙන් ඉගනගත් Subject තරම් වත් අමාරු වුණේ නෑ.සර් අපට උගන්වපු පාඩම් අපේ ජීවිත වලට අරගෙන අපේ ජීවිත,අපේ වටේ ඉන්න අය්ගෙ ජීවිත සාර්ථක වෙන විදිය දැකල සර් හදවතින්ම සතුටුවෙන බව මේ ටික දවසට අපට හොදටම දැනුණා.සර්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනව.මම ජීවිතේ තියපු හොදම පියවර ඒදා මුල්ම දවසෙ IJTS එකට අඩිය තියපු දවස කියල මම බය නැතුව කියනව.සර්ට අපි හැමෝම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.        

  
Thank You Very Much Sir.

No comments:

Post a Comment