933060160v
උදාන රන්දිත
මම ඉශාන්ත සර්ගෙ කැමතිම Lesson එක Rich Theoryඑක.
ඒක සර් කියාදුන්නු විදිය හරිම පුදුමයි.අපි හැමෝටම පුරුදු Common දේවල් වල අපි කවදාවත් නොදැකපු පැත්තක් අපට පෙනුණා. හැමදාම සර් Class එකට ආවෙ අලුත් දෙයක් අරගෙන. කවදාවත් Class එකේදි වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ER, Database, වෙන ලමයින්ට ඔළුව කැකුම හැදෙන පාඩම් අපි ආසාවෙන් ඉගනගත්තා. මම කවදාවත් හිතුවෙ නෑ මම ඉගනගත්ත පැත්තට Super කෙනෙක් කියලා.නමුත් මම හිතනවා ඉස්කෝලෙ ගුරුවරුන්ගෙ හිත් දිනාගෙන ඉන්න දක්ෂයෝ කාටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩ අපි PCJT වලින් කලා කියල. ඇත්තටම සර් මට පෙන්නල දුන්න, හැම ළමයෙක්ම ඉපදෙන්නෙ දක්ෂතා ගොඩාක් තියාගෙන කියල. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එයාල ඒවා පාවිච්චි කරන්න දන්නෙ නෑ. ඒ දක්ෂතා එලියට ගන්න කවුරුත් උත්සාහ කරන්නෙ නෑ.
ඉශාන්ත සර් හරිම පුදුමයි. අපි හිතන්නෙ හොඳ අදායමක් ලබන , හොද ගෙවල් දොරවල් තියෙන ,යාළුවො ඉන්න අය සාර්ථක අය කියල.ඒත් සාර්ථක ,ධනවත් කියන වචන වලට සර් අලුත් තේරුමක් දුන්න. අපි හිතන සීමවෙන් එහාට තව ගොඩාක් දේවල් තියෙනවා කියල අපි දැන් දකිනවා.අපි කවදාවත් හිතන්නෙවත් නෑ ලoකාවෙ කෙනෙකුට ඇමරිකාවෙ University එකක් දාන්න පුළුවන් වෙයි කියලා.මොකද ඒ වගේ දේවල් තියෙන්නෙ අපි හිතන සීමාවෙන් ගොඩාක් එහා නිසා.
නමුත් අපි දැන් දන්නවා. "It’s the time to starch our thought a mile " කියලා. ඒක පෙන්නලා දුන්නට සර්ට බොහොම ස්තුතියි. හොඳ වැඩ කරන මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ.
No comments:
Post a Comment